වාහන ආනයනය කිරීමේදී වරාය තුළදීම ඒවා ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර තිබේ.
මේ වන විට සියලුම වාහන හම්බන්තොට වරායට ගෙන්වන බවත් ඒ නිසා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා හම්බන්තොට කාර්යාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
වාහන ආනයනය කරන පෞද්ගලික අංශය මේ වැඩපිළිවෙළට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් 2018 වනවිට සේවාවන් ලබාගැනීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට පැමිණෙන පිරිස අඩු කර ගැනීමට සැලසුම් කර ඇතැයි ද ඒ සඳහා ප්‍රාදේශීය කාර්යාලවල සේවාවන් පුළුල් කරන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය.
0 comments :
Post a Comment