සන්දීප් ගෙදර යයි - තවමත් සමබරව ඇවිදින්න බෑ 

සන්දීප් ගෙදර යයි - තවමත් සමබරව ඇවිදින්න බෑ 

මහානගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රථයේ යතුරුපැදිය ගැටී බරපතළ තුවාල ලබා මාස අටක්‌ පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සන්දීප් සම්පත් තරුණයා සුවය ලබා හෝමාගම, පිටිපන පිහිටි සිය නිවසට ගොස්‌ ඇතැයි වාර්තාවේ.

සන්දීප් සම්පත් ඉකුත් පෙබරවාරි 28 වනදා රාත්‍රී රාජගිරියේදී ඔහු පදවාගෙන ගිය යතුරුපැදිය පාඨලී චම්පික ඇමැතිවරයාගේ ජීප් රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ මාස කිහිපයක්‌ ප්‍රතිකාර ලැබීය. පසුව ඔහු රාගම පුනරුත්ථාපන රෝහලේ ද නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

අනතුර සිදුවන අවස්‌ථාවේ ඇමැතිවරයා ජීප් රියේ ගමන් නොකළ බවට පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි විය.

රාගම පුනරුත්ථාපන රෝහලේ සිට නිවසට පැමිණි තම පුත්‍රයාට තවමත් සමබරව ඇවිදගත නොහැකි බව සන්දීප්ගේ පියා වූ දයානන්ද ගුණවර්ධන මහතා පැවසී ය.

ලබන 18 වැනිදා සන්දීප්ට තවත් සැත්කමක්‌ සිදු කිරීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment