විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාව එංගලන්තයට පරදී

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත ක්‍රිකට් පිල අතර අද කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැති විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා කන්ඩායම පරාජයට පත්විය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීම තෝරාගන්නට නායක තිසර පෙරේරා තීරණය කිරීමෙන් පසු
එංගලන්ත පිල සිය ඕවර 20 අවසානයේ

කඩුලු 8 ට ලකුනු 187 ක් ලබා ගන්නා ලදි. තරගය අතරතුර වැසි බාධා එල්ලවුවත් තරගය නැවත අරඹා එම ඕවර ගණන සම්පූර්ණ කරන ලදි. එහිදී ජේ ජේ රෝයි ලබාගත් 69 කැපී පෙනුනි. එම ඉනිම වෙනුවෙන් 4 පහර 4 ක් හා 6 පහර 6 ක් ඔහු ලබාගත් අතර දුර්වල පන්දු රැකීමක් සිදු කළ ශ්‍රී ලංකා පිල ඔහුගේ උඩපන්දු අත්හැරීම නිසා අවස්තා කිහිපයක්ම ලබාදී තිබුනි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ කඩුලු අඩු ලකුණු වලට දැවී යාම නිසා විශාල ඉලක්කය වෙත යාම අසීරු විය. ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුනු 157 ක් පමණි. තිසර පෙරේරා ලකුණු  57 ක් ලබාගත්තේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment