මෛත්‍රී ගේ ඩීඑස් කතාවට ෆොන්සේකාගේ සැර උත්තරේ නිසා සිත බිඳුණලු

සිකුරාදා අගමැති ධූරය මහින්දට පිරිනමා ආණ්ඩු පෙරලියක් සිදුකරන්නට ජනපති මෛත්‍රී ගත් සුවිශේෂ තීන්දුවට පෙර ජනපති මෛත්‍රිගේ සිත වෙනස් කරවන්නට හේතුවූ කාරනා ගැන දැන් දේශපාලන ලෝකයේ
කතාබහක් පැතිර පවතී. ඉන් එකක් වුයේ පසුගිය සතියේ එජපය ගැන ඔහු කළ විවේචනය හා ෆොන්සේකා ඊට දුන් උත්තරයයි.
පසුගිය සතියේ පැවති සේනානායක ගුණසමරු උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේ තමා පොදු අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයත් සමග ජනාධිපතිවරණයට

සන්ධානගත වන විට හිතා හිටියේ ඩී.එස් ඩඩ්ලිගේ පක්ෂයට තමයි මම එක්වුනේ කියලයි. නමුත් ඩී.එස්.ගේ, ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයක් දැන් නොමැති බව මට තේරුණේ පසුවයි. ඩී.එස්. ඩඩ්ලි වංචා හොරකම් කළේ නැහැ. ඩී.එස්. ඩඩ්ලි හිටපු එක්සත් ජාතික පක්ෂයක් යළි බිහි වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා." යනුවෙනි.

මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැති සරත් ෆොන්සේඝා මහතා ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය යටතේ එදා මෙරට
දේශපාලනයට පිවිසියේ සේනානායකලා, බණ්ඩාරනායකලා වැනි ප්‍රභූ පන්තියේ උදවියයි. අද එම තත්වය වෙනස් වී ඇති නිසා කවුරු හෝ ඩී.එස්. සේනානායකගේ හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කතා කරනවා නම් ඔහු පිස්සෙක් විය යුතු බවයි.
සරත් ෆොන්සේකා ලවා මෙසේ කියවන්නට ඇත්තේ රනිල් අගමැති බවටද අදහස් පළවිය.

මෙම ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හා ජනාධිපති උපදේශකවරුන්ගේ සාකච්ඡාවට හේතු විය. ඔවුන් බහුතරයකගේ අදහස වී තිබුණේ සරත් ෆොන්සේකා ජනාධිපතිවරයාට අපහාසයක්, අවමානයක් කර ඇති බවයි. මේ ප්‍රකාශය ගැන යම් තීන්දුවක් නොගත්තොත් එය අනාගතයට වැරදි ආදර්ශයක් විය හැකිද පවසා තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment