තාරක නානායක්කාර ධූරයෙන් ඉල්ලා අස්වේ.
දිවි දෙවෙනි කොට එක්සත් ජාතික පක්ෂය සුරකින බවත්,හෘද සාක්ෂියට එකගව, එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු වශයෙන් තවදුරත් තම පියා සමග වුවද රැදිය නොහැකි බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාරවර ආචාර්ය හේමකුමාර නානායක්කාර මැතිතුමාගේ පෞද්ගලික ලේකම් තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීම භාරදුන් බව එක්සත් ජාතික පක්ෂයේ හබරාදූව ආසන සංවිධායක ජාතිත යොවුන් පෙරමුණෙහි ලේකම් ශාස්ත්‍රාචාර්ය, නීතීඥ තාරක නානායක්කාර මහතා පවසා සිටියේය.
හෙතෙම 26 දින රාත්‍රි 9.45ට තම ඉල්ලා අස්වීමේ ලිපිය අත්අකුරින්ම ලියා ආණ්ඩුකාරවරයාට ලබා දී ඇත.
[සුනෙත් ගාල්ලගේ - ගාල්ල]

0 comments :
Post a Comment