නව අමාත්‍යාංශ ලේකම්වරු පත්කරයි : ආරක්ෂක, හේමසිරි.

කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01-  හේමසිරි ප‍්‍රනාන්දු මහතා  -  ආරක්ෂක අමාත්‍යාංශය

02- ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා  -  මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

03- ආර්.පී. ආරියසිංහ මහතා  -  විදේශ කටයුතු අමාත්‍යාංශය

04- එල්.පී. ජයම්පති මහතා  -  වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය

05- කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා - කෘෂිකර්ම අමාත්‍යාංශය

06- ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ

07- පද්මසිරි ජයමාන්න මහතා -    අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

08- එච්.ටී. කමල් පද්මසිරි මහතා - පළාත් සභා, පළාත් පාලන සහ කී‍්‍රඩා අමාත්‍යාංශය

09- වී. සිවඥානසෝති මහතා - නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය 

10- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයපිළිබඳ අමාත්‍යාංශය

11- එස්.එම්. මොහොමඞ් මහත්මිය - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

12- එස්. හෙට්ටිආරච්චි මහතා -  සංචාරක හා වනජීවි අමාත්‍යාංශය

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment