මෛත්‍රීගේ ආරාධනාව විදෙස් තානාපතිවරු ප්‍රතික්ෂේප කරලා?


අද වනවිට ශ්‍රී ලංකාව තුල ඇතිව ඇති දේශපාලන අස්ථාවරභාවය නිසා ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්තනෝමතිකව ව්‍යවස්ථාවට පටහැනිව නව අගමැතිවරයෙකු පත්කර රට දේශපාලන, ආර්ථික අගාධයට ඇද දැමීමට කටයුතු කිරීම නිසාවෙන් ඇමෙරිකාව, ඉන්දියාව, චීනය ඇතුළු යුරෝපීය රටවල මෙන්ම මුළු ජාත්‍යන්තරයම කැළඹීමට පත්ව ඇත. එය එසේ සිදු වෙද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හදිස්සියේ ශ්‍රී ලංකාවේ සිටින සියළු විදේශ තානාපතිවරුන්ට ඔහුව හමු වීමට ආරාධනා කර ඇති අතර ඔවුන් විසින් එම ආරාධනාව ප්‍රතික්ෂේප කර ඇති බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කරන්නැයි ඇමෙරිකාව, ඉන්දියාව, චීනය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. දේශපාලනික මෙන්ම රාජතාන්ත්‍රික විශ්ලේෂකයින් පවසන අන්දමට මේ තත්වය ඉදිරියටත් පැවතිය හොත් දේශපාලනික මෙන්ම ආර්ථික සම්බාධක ජාත්‍යන්තරය විසින් පැනවිය හැකි බවද අවධාරණය කර සිටියි.      

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment