ශ්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ගෙන් නිවේදනයක්.


ප්‍රජාතාන්ත්‍රික වටිනාකම්වලට හා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන හා ක්‍රියාවලියට ගරු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටියරේස් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඔහු ඉල්ලා සිටින්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ආරක්ෂාව හා සුරක්ෂිතතාව උදෙසා නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙසයි.

පවතින වාතාවරණය සාමකාමී අයුරින් විසඳා ගන්නා ලෙසත් සන්සුන්ව කටයුතු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සියලු පාර්ශවවලින් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසන්නේ, විරෝධතාකරුවන් පිරිසකට වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියත් සමග ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව තම දැඩි අවධානය යොමුව ඇති බවයි.

මේ අතර කථානායකවරයා සමග සාකච්ඡා කර, වහාම පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා හෙදර් නුවර්ට් ද නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රිකව තේරීපත් වූ නියෝජිතයින්ට ඔවුන්ගේ ආණ්ඩුවට නායකත්වය දෙන්නේ කවුරුන් ද යන්න තහවුරු කරමින් වගකීම් ඉටු කිරීමට ඉඩදෙන ලෙසයි.

ශ්‍රී ලංකාවේ මෑත කාලීනව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අමෙරිකාව නිරතුරු අවධානයෙන් පසුවන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

බියවැද්දීම් හා ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙස ද අමරිකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment