බැසිල් - ගෝඨා ඇමරිකාවට බියවේ : 113 නැත්නම් තනතුරු නොගනී.


සිරිසේන ජනාධිපතිගේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ කිසිඳු තනතුරක් නොගැනීමට ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඔවුන් දෙදෙනා මේ තීරණය ගෙන තිබෙන්නේ සිරිසේන ජනාධිපතිගේ කුමන්ත්‍රණ ආණ්ඩුව සම්බන්ධව මේ වන විට විදෙස් රටවල් රාශියක් බලවත් අප්‍රසාදය පළකර සිටීමත් ඉදිරියේදී රාජතාන්ත්‍රික ගමන් පවා තහනම් කිරීමේ අවධානමක් පවතින නිසාය.

ද්විත්ව පුරවැසියන් වන ඔවුන් අදාළ තහනමක් පැනවූව හොත් සිය අඹු දරුවන් සහ දේපල තිබෙන  ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල්වීමට නොහැකි වනු ඇති බවට තක්සේරු කර ඇත.

එසේම මේ වන විටත් ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක්ම මෙරට සිදුවන ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයට විරෝධය පළකර ඇත.

ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට වහාම පාර්ලිමේන්තුව කැඳවා ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙස නිවේදනය කර ඇති බවද දැනගන්නට ඇත. තවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාද දන්වා ඇත්තේ මතුව ඇති අර්බුදය කඩිනමින් විසඳා ගන්නා ලෙසයි.

එසේම තවමත් සිරිසේන ජනාධිපතිට පාර්ලිමේන්තුවේ 113 ක බලයක් පෙන්වීමට නොහැකි නිසාත් මෙතෙක් ගනුලැබූ සියළු තීන්දු තීරණවලදී රාජපක්ෂ පාර්ශවයේ යෝජනා නොතකා හැරීමත් හේතුවෙන් විශේෂයෙන් බැසිල් රාජපක්ෂ දැඩි කේන්තියකින් පසුවන බවද ඔහුට සමීප ආරංචිමාර්ග පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment