එජාප නායකයා අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ක්‍රියාත්මක වන බව එජාපයේ ප්‍රබලයකු පැවසිය.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කල කුමන්ත්‍රණය පසුපස සිටින්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බවට දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා කර ඇති ප්‍රකාශය පදනම් කර ගනිමිනි.
සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් නාමල් කුමාර එම කතාව කියා තිබිණ.
තමන් මෙතෙක් කල් උත්සාහ කලේ මෙම තොරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් කිමට වුවත් අද ඇතිව තිබෙන ආණ්ඩු වෙනස නිසා තමන් මෙය හෙලිදරවු කිරීමට තීරණය කල බවද ඔහු සදහන් කලේය.
'රනිල්ගේ ආරක්ෂාව හා වාහන ඉවත් කරලා'
මේ අතර මේවනවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව හා වාහන ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බව මංගල සමරවීර මහතා පවසයි.
ඒ පිළිබඳව ජනපතිවරයා ගැන ලැජ්ජා වන බව මංගල සමරවීර මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
0 comments :
Post a Comment