ජනපති රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් පත්කිරීම නීතියට පටහැනියි.

   
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් සඳහා වැඩබලන ප්‍රධානීන් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කටයුතු කළ අතර එයද ව්‍යවස්ථා විරෝධී බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කරන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාව අනුව ජනපතිවරයාට තමන් යටතේ ඇති අමාත්‍යාංශවල හැරෙන්නට වෙනත් ආයතනයක ප්‍රධානීන් පත්කිරීමට අවස්ථාවක් නොමැති බවයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක, පරිසර හා මහවැලි අමාත්‍යාංශ තමන් යටතේ ගෙන තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment