FAKE අගමැති ද? කැබිනට් මණ්ඩලය ද? : වප් මඟුලෙන් ආණ්ඩුව අර්බුධයක.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නව අග්‍රාමාත්‍යවරයා බව කියන මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන පළමු රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

ඒ 2018 ජාතික වප් මගුල් උත්සවය තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී පැවැත්වීමට නියමිත හෙයිනි. 

කෙසේ නමුත් මෙම වප් මගුල් උත්සවය සඳහා දැන්වීමක් පලකරන කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා මහින්ද අමරවීර බවයි.

නමුත්, ඊයේ ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ජනාධිපතිවරයා විසින් 2018 ඔක්තෝම්බර් මස 26 දින නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඇති බවත්, පූර්වයෙන් සිටි අමාත්‍ය මණ්ඩලය මේ වන විට විසිරි ඇති බවත් ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment