නීතිය හා සාමය ජනපති මෛත්‍රීට, මුදල් හා ආර්ථික අගමැති මහින්දට අද දිවුරුම් දෙන කැබිනට් මන්ඩලය ගැන ඉඟි පළවේ

https://www.gossiplankanews.com/2018/10/new-ministers-sworn-in.html#more

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් යුතු නව රජයේ කැබිනට් මණ්ඩලයේ 20 ක පමණ කොටසක් අද (29 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
එහිදී මුලින්ම කැබිනට් ඇමැතිවරුන් 20 දෙනකු
දිවුරුම් දෙන බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඇමැති මණ්ඩලය තිහකට සීමා කළ යුතු බැවින් ඉතිරි ඇමැතිවරුන් දස දෙනා ඉදිරි දිනක දිවුරුම් දෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පවසා තිබේ.

මින් ඉහත එජාප - එජනිස 'හවුල් ආණ්ඩුවක් වීම' මත

30 ට වැඩි ඇමති සංඛ්‍යාවක් පත්කිරීමට ව්‍යවස්ථානුකූල අවසරය හිමිවූ නමුත් මහින්ද යටතේ පිහිටුවන්නේ එජනිස ආන්ඩුවක් නිසා මෙම සීමාව තුළ කටයුතු කිරීමට සිදුව ඇති බව දේශපාලන නීති විශාරදයින් පෙන්වා දී තිබේ. මේ නිසා ව්‍යවස්ථානුකූලව නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැති සංඛ්‍යාවද හතළිහකට සීමාවනු ඇතැයිද වාර්තාවේ.

මේ අතර නව ඇමතිවරුන් පිලිබඳ ඉඟි කිහිපයක් පළවෙමින් පවතී. නීතිය හා සාමය ජනපති මෛත්‍රීට, මුදල් හා ආර්ථික අගමැති මහින්දට ලබාදීම පවතින තත්වය තුළ සිදුවන බවද වාර්තාවේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ කෙහෙලිය රමුක්වැල්ල මාධ්‍ය ඇමතිවරයා වීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් නිවාස ඉදිකිරීම් ඇමති වන්නට විමල් වීරවංශ සූදානමින් පසුවන බවත් වාර්තාවේ.

මේ අතර තහවුරු නොවූ තවත් වාර්තාවකින් පවසා තිබුනේ අද කැබිනට් මණ්ඩලයට එක්වීම සඳහා එජාපයෙන් 10 දෙනෙකුට ඇරයුම් ලබා ඇති කතාවකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment