රනිල්ට අධිකරණයට යන්න පුළුවන් ඒත් අගමැති ධුරයේ වැඩ කරන්න බෑ - සුබ්‍රමනියම් ස්වාමි


මහින්ද රාජපක්ෂ මහතා  නව අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමත් සමඟ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වඩාත් යහපත් සබඳතාවක් ඇතිවන බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ඉන්දීය ලෝක් සභොවේ පාර්ලිමේන්තූ
මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ප්‍රකාශ කරයි. ඉන්දියාවේ (World done) චන්ද්‍රිකා විකාශය සමඟ නවදිල්ලි නුවර සිට සජීවිව සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් සුබ්‍රමනියම් මහතා මේ බව ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේන් අනතුරුව දුරකථනයෙන් කතා කොට

තමා සුබපැතු බව ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මෙහිදී පැවසීය.

"ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලවයි මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කර තිබෙන්නේ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහතාට තවත් අග්‍රාමාත්‍ය කාර්යාලයට යා නොහැකියි. ඔහුට අවශ්‍ය නම් අධිකරණයට යන්න පුළුවන්. නමුත් ඔහුට තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ පොරොන්දුවක් වුණොත් එම පොරොන්දුව ඉටුකරන නායකයෙක්, ඒ වගේම අධිෂ්ඨානශීලී නායකයක්, කොටි  ත්‍රස්තවාදය පරාජය කිරීම ඊට හොඳම උදාහරණයයි.

මිට කලින් ශ්‍රී ලංකාව පාලනය කළ ජනාධිපතිවරුන් සියලුම දෙනාට කරන්න බැරිවූ  දේ මහින්ද රාජපක්ෂ මහතා විසින් කරලා පෙන්නුවා. ශ්‍රී ලංකාවේ ගැටලු ශ්‍රී ලංකාවටම විසඳාගන අප ඉඩදිය යුතුයි. ඒ සඳහා අප උදවු කළාට කමක් නැහැ. එම ගැටලුව විසඳාගැනීමේ අයිතිය ඔවුන්ට ලබාදිය යුතුයි. ශ්‍රී ලංකාවේ ඒකීය භාවය රැකගෙන මෙම ගැටලුව විසදාගන්න පුළුවන්.නව අග්‍රාමාත්‍යවරයාට සුබ පතමින් මට උදවු කරන්න පුළුවන් කියලා කිව්වා උතුරේ ජනතාව යළි පදිංචි කිරීමේ වැඩසටහන්වලට මට සහාය ලබාදෙන්න පුළුවන්. මහින් රාජපක්ෂ කියන්නේ විශාල අධිෂ්ඨාන ශක්තියක් තියෙන මිනිහෙක්, එවැනි කෙනෙක් තම රට වෙනුවෙන් උපරිම දෙයක් කරනවා. තමන්ගේ රට වෙනුවෙන් ඕනම දෙයක් මහින්ද රාජපක්ෂ මහතා කරනවා. එවැනි අධිෂ්ඨානශීලී දේශපාලන නායකයකු සිටිම ආසියානු කලාපයට ශක්තියක්.

එවැනි අධිෂ්ඨානශීලී නායකයෙකු සමඟ වඩාත් සමීප මිත්‍රයක් තබාගැනීම ඇත්තෙන්ම යහපත් දෙයක්" යැයිද වැඩිදුරටත් අදහස් දැක්වූ භෘරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, ඉන්දීය ලෝක් සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී. ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

-ඩබ්ලිව්.කේ.ප්‍රසාද් මංජු-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment