පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් :ගොනු කළ පෙත්සම් අද විභාගයට

   
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, දමිල ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන පක්ෂද මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ පාර්ශ්ව අතර වෙයි.

පෙත්සම් විභාගය අද

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු  පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් අද (12) සළකා බලන බව අධිකරණ ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව මෙය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ඇත.

මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය විමල්  වීරවංශ , එක්සත් ජාතික පක්ෂයෙන් මංගල සමරවීර,  දෙමළ ජාතික සන්ධානයෙන් ඒම්.ඒ සුමන්තිරන්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් මෙලෙස පෙත්සමක් ගොනු කරන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment