සිරිසේනගේ පක්ෂ නායක හමුවට කරූ, ජවිපෙ නොයයි : අත්සන් 113ක් සමග රනිල් යයි.

ජනාධිපති සිරිසේන විසින් අද (18) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ කැදවා තිබෙන සර්ව පාක්ෂික නායක හමුව සදහා   කතානායක කරූ ජයසූරිය සහභාගී නොවන බව වාර්තා වෙයි.

කතානායක කාර්‍යාල ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ කරූ ජයසූරිය කතානායකවරයා මේ පිළිබඳ ජනාධිපති සිරිසේනව දැනුවත් කර ඇති බවය.

වැඩිදුරටත් ලැබී ඇති තොරතුරුවලට අනූව ජනාධිපති කැදවන සර්ව පාක්ෂික නායක හමුව කතානායක ධුරයට සිදුකිරීමට කාර්‍යයක් නොමැති බව කතානායකවරයාගේ ස්ථාවරය වී තිබේ.

එසේම තමන් පාර්ලිමේන්තුව තුළ එහි කටයුතු ව්‍යවස්ථාපිතව සිදුකර ඇති බවත් ඊට අදාල ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිල වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවද  කතානායකවරයාගේ ස්ථාවරය වී තිබේ.

රනිල් සර්ව පාක්ෂික නායක හමුවට

මේ අතර එක්සත් ජාතික පෙරමුණ ආරංචි මාර්ග සදහන් කරන්නේ අද පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික හමුව සදහා තම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද සහභාගී වන බවය. එහිදී මන්ත්‍රීවරුන් 113ක අත්සන් සහිත පාර්ලිමේන්තු බහුතරය තහවුරු කරන ලියවිල්ලක් ද  ජනාධිපති සිරිසේට ඉදිරිපත් කිරීමට නියමිත බවත් දැනගන්න ඇත.

රට අරාජික කෙරූ නිර්මාතෘ ජනපතියි - ජවිපේ
   
වර්තමානයේ රට ආරජිකත්වයට පත්කිරීමේ නිර්මාතෘ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බැවින් එය විසඳාලිය හැක්කේද ඔහුටම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.


අද පස්වරුවේ පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට එක්නොවීමට හේතු සඳහන් කරමින් ඔවුන් ජනතිවරයාට යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment