හේමසිරි හාන්සියි : පොලිස්පතිට ගෝඨා නියෝග දෙයි.


පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස් සේවයේ නිළධාරින්ගේ ස්ථාන මාරු සකස් කිරීමේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊට මැදිහත් වී තිබේ. 

පොලිස්පතිවරයා නව ස්ථානමාරු සඳහා නිළධාරී ලැයිස්තුවක් සකස් කර ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ඊයේ (31)  පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ. 

තවමත් හරි හැටි පිහිටුවා නැති භාග ආණ්ඩුවක කිසිදු නිලයක් නොදරන ඇමරිකානු පුරවැසියෙකු රටේ පොලිස්පතිවරයාට මේ අයුරින් නියෝග ලබා දෙන්නේ කෙසේද යන්න ගැටලුවකි.

මෙම නියෝග පැහැර හැරියොත් තමාට සිදුවන දේ කුමක්ද යන්න හොඳින්ම දන්නා ජයසුන්දර පොලිස්පතිවරයා ගෝඨාගේ මැදිහත්වීමෙන් අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment