නව ආණ්ඩුවේ ගැටුම් : මෛත්‍රී පිලේ මහින්ද සමරසිංහගේ වරාය සභාපතිට රාජපක්ෂ පිලෙන් ගුටි.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඔහුගේ අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පත් කිරීමත් සමග, රාජපක්ෂට හිතවත් පිරිස් ආණ්ඩුවේ ආයතන වලට පැන ඒවායේ සේවය කරන ඉහල පෙලේ නිලධරීන්ට චණ්ඩි පාට්  දමමින් මරණ තර්ජන එල්ල කරමින් සිටිති. එහි එක්තරා කනගාටුදායක අවස්තාවක් වූයේ අමාත්‍යය අරජුන රණතුංග මහතා මරා දැමීමට උත්සහ කිරීමේදී සිදු වූ වෙඩි ප්‍රහාරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වීමය. 

මේ අතර ශ්‍රී ලංකා වරයා අධිකාරියේ සභාපති, ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කොට තිබේ. 

මෙසේ ආචාර්යය දිසානායක මහතාට පහර දී ඇත්තේ, මූල්‍යය වංචා වලට හසු වී  සේවයෙන් ඉවත් කොට සිටින වැලිගම නමැති පුද්ගලයෙකි. කම් 

කරුවෙකු ලෙස සේවය කළ මෙම වැලිගම නැමැත්තා උග්‍ර මහින්ද රාජපක්ෂ අනුගාමිකයෙකු යයි සඳහන් වේ.  රාජපක්ෂ, සිරිසේන ජනාධිපතිවරයා විසින් ඔහුගේ අගමැති බවට පත් කිරීමෙන් පසු වරායේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට ඇතුළු විශාල පිරිසකට තර්ජනය කරමින් වරාය ඇතුලට පැමිණ ඇති මොහු, ඇතැම් නිලධාරීන්ගේ සහයද ඇතුළුව මහින්ද රාජපක්ෂ මහතාට සුභ පතමින්  පොස්ටරක් මුද්‍රණය කොට රාජපක්ෂ මහතා අගමැති වීම ඉතා ඉහලින් භුක්ති විඳ ඇත.

ඉන් පසු ආචාර්යය දිසානායක මහතා ඉලක්ක කරගෙන ඇති හෙතම, සභාපතිවරයාට වරාය ඇතුළුවීමට ඉඩක් නොමැති බවත්,  දැන් ඇත්තේ තමන්ගේ ආණ්ඩුවක් බවත් සඳහන් කරමින් පරුෂ වචනයෙන් බැණ වැදී ඇත. 

අදාළ සිදුවීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට වාර්තා වීමෙන් පසු, ඔහු අදාළ පුද්ගලයාට සභාපති වරයාගෙන් හැකිනම් සමාව ගන්නා ලෙස ඉල්ලා තිබේ.  නමුත් එවැන්නක් තවමත් සිදු වී නොමැති අතර,  වැලිගම වැනි නිලධාරීන් අනෙකුත් නිලධාරීනටද තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment