මැතිවරණ කල්දාන උදවිය දවස් 11 ක් පාර්ලිමේන්තුව කල්දාපු එකට විස්සෝප වෙලා - මහින්ද


ඊයේ (31දා) කොළඹ ලෝටස් පාරේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී නව මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා
ලෙස වැඩභාර ගැනීමෙන් අනතුරුව

අගමැති මහින්ද රාජපක්ෂ
මෙසේ කියා තිබේ.
'මැතිවරණ කල් දමන උදවිය දවස් 11ක් පාර්ලිමේන්තුව කල්දැමුවා කියලා ජනාධිපතිවරයා මහා ලොකු විවේචනයක් කරනවා. නොවැම්බර් 5 වැනිදා තමයි පාර්ලිමේන්තුව කැඳවන්න තිබුණේ. 5 වැනිදා සිට 16 වැනිදා දක්වා තමයි පාර්ලිමේන්තුව කල් දැම්මේ. හරියට මීට කලින් ජනාධිපතිවරු නොකළ දෙයක් හැටියටයි හිතාගෙන ඉන්නේ. මමත් කළා. ප්‍රේමදාස මහත්තයා මාස ගණනාවක් කල් දැමුවා. පුතාට මතක නැහැ. හැම ජනාධිපතිවරයෙක්ම මේ දේ කරලා තියෙනවා. දින 11යි ඇත්ත වශයෙන්ම කල් දමලා තිබෙන්නේ. මුළු ලෝකයටම මේ රට ඒකාධිපතිත්වයකට යන බව පෙන්වලා තිබෙනවා.'
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment