අරලියගහ මැඳුරේ විදුලිය විසන්ධි කෙරේ

පසුගිය සිකුරාදා සිදු වූ බල පෙරළියෙන් පසු ඊයේ (31දා) දිනය වන විට සිවුවැනි දිනටත් එ.ජා.ප. නායක රනිල්
වික්‍රමසිංහ මහතාට ළැදි

පාක්‍ෂිකයන් පිරිසක් අරලියගහ මන්දිරයේ රැඳී සිටියි.
ඔවුන්ට පිටව යන ලෙස විමල් වීරවංශ හා නීතීඥ දොළවත්ත දන්වා තිබූ අතර පොලිසිය හෝ ජනපති මෛත්‍රී මේ ගැන කථා කර තිබුනේ නැත.
රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශකයින් දන්වා තිබුනේ පාර්ලිමේන්තු බහුතරය විමසා නිවැරදි අගමැති තෝරනු තුරු තමන් අරලියගහ මැදුරේ සිට සටන් වදින බවයි.
මේ අතරවාරයේ අරලියගහ මැදුරේ කන්ඩායම් සඳහා කෑම සපයන කේටරින් සේවාව නවතා දැමීමට ඉහළින් අණක් ලැබී තිබුන අතර පෙරේදා සිට ආහාර ලබාගනු ලැබූයේ පිටතිනි. මේ අතර ඊයේ 31 එහි විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ජෙනරේටරයක් ක්‍රියාත්මක කර තිබිණි.
තවම ජලය ලබාදීම අවහිර කර නැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment