ජනපති නිල නිවස ගාව ගසක කළු වඳුරෙක් පැත්තම බය කරනවලු


පුද්ගලයන් තිස් දෙනකුට ආසන්න සංඛ්‍යාවක් සපා කා බරපතළ තුවාල සිදු කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විශාල කළු වඳුරකු කොළඹ නගරයේ ප්‍රදේශයක ජනතාව භීතියට පත් කරමින් සිටී.

ජනාධිපති නිල නිවෙස, කොළඹ විශ්වවිද්‍යාලය, සිරිමාවෝ බාලිකා විදුහල ආදී ප්‍රදේශවල උස් ගස් මත සැඟ වී සිටින මේ වඳුරා ත්‍රිරෝද රථවලින් පැමිණෙන පුද්ගලයන්ගේ ඇඟට කඩා පැන සපා කා බරපතළ තුවාල සිදු කර ඇත.

මෙම වඳුරා මිනිසුන්ගේ ඇඟට පැන සපා කා මස් කඩා ගන්නා

බවත් බරපතළ තුවාල ලැබූ ඇතැමුන් කොළඹ ජාතික රෝහලේදී සැත්කම්වලට පවා ලක් කර ඇති බවත් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඊයේ (31දා) පැවැසීය.

වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් මත වඳුරා නිර්වින්දනය කර ඇල්ලීම ස¼දහා මේ වන විට වනජීවී වැටලීම් අංශයේ සහ බස්නාහිර වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ නිලධාරි කණ්ඩායම් දෙකක් මෙහෙයුමක් දියත් කර තිබේ.

පාසල් දරුවන්ගේ මවුපියන් සහ ප්‍රදේශවාසීන් වඳුරා මරා දමන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට පමණක් සීමා වෙමින් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වී ඇති කළු වඳුරු විශේෂයකට අයත් මෙම සත්ත්වයා නොමරා ජීවග්‍රහයෙන් අල්ලා සුදුසු කැලෑබද ප්‍රදේශයකට රැගෙන යෑමට උපරිම උත්සාහ දරන බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

සපුමල් ජයසේන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment