නුවන් සොයිසාට අයි.සී.සී.යෙන් ක්‍රිකට් තහනමක්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නකු සහ වර්තමානයේ පුහුණුකරුවකු ලෙසින් කටයුතු කරන නුවන් සොයිසා හට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනැවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවර ගෙන ඇත.


එනම් අයි.සී.සී.

දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවේදී සිදු කරන ලද පරීක්ෂණයෙන් අනතුරුව එම නීති සංග්‍රහයේ කරුණු තුනක් උල්ලංඝනය කිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට මෙම තහනම පනවා තිබේ. කෙසේ වෙතත් නුවන් සොයිසාට මෙම චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඇත්නම් අද (1දා) සිට දින 14ක කාලයක් ඇතුළත එම කරුණු දැක්විය යුතු බව අයි.සී.සී.යෙන් දන්වා ඇති බවද වාර්තා වේ.

මෙවන් තහනමකට හේතුව වී ඇත්තේ මේ දිනවල ශ්‍රී ලංකවේ අයිසීසී දූෂණ මර්ධන නිලධාරීන් විසින් සිදුකරන පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙසින් බවද පැවැසේ.

මේ අතර මෙම වසරේ ඩුබායිහි පැවැති ටී-10 ක්‍රිකට් ලීග් පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින්ද කටයුතු කළ නුවන් සොයිසාගේ ජංගම දුරකථනයද වැඩිදුර පරීක්ෂණ සඳහා අයි.සී.සී. දූෂණ මර්දන නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගැනීමට කටයුතු කරන ලද බවද මින් පෙර වාර්තා විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment