80 ට තිබුණ දෙහි කිලෝව දැන් රු. 800යි



වෙළෙඳපොළේ දෙහි කිලෝවක් රුපියල් අටසීයත් දහසත් අතර මිලකට අලෙවි වන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග අනාවරණය කරයි.

දෙහි කිලෝව මීට

පෙර රුපියල් අසූවකට පමණ අලෙවි වූ අතර එය මිල දස ගුණයකටත් ඉහළ ගොස් ඇත.

මේ කාලයේ දෙහි සැපයුම අඩුවීම හේතුවෙන් මිල ඉහළයෑම සිදුව තිබෙන බව වෙළෙන්දෝ පවසති. ප්‍රමාණවත් පරිදි දෙහි අස්වැන්න වෙළෙඳපොළට නොලැබීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බවත් ඉතාම කුඩා ප්‍රමාණයේ දෙහි ගෙඩියක මිල රුපියල් තිහකට වඩා වැඩි බවත් පාරිභෝගිකයෝ පවසති. ආපනශාලා හිමියන් හා පාරිභෝගික ජනතාව අධික මිල හේතුවෙන් දෙහි වෙනුවට වෙනත් ආදේශක කරා යොමුව තිබෙන බවද ඔවුහු පවසති.
බෙලිහුල්ඔය -සමන්තා රත්නායක
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment