කොළඹ මහනගර සභාවේ නිල රථය යොදාගෙන රියදුරු පුහුණු පාසලක් පැවැත්වූ ඉංජිනේරුවා


කොළඹ මහනගර සභාවේ ඉංජිනේරුවරයෙක් රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා සිය නිල වාහනය වසර හතරක් තිස්සේ නිවෙසේ තබාගෙන රියදුරු පුහුණු පාසලක් පවත්වාගෙන ගොස් ඇති බව එම නගර සභාව
මගින් කරන ලද පරීක්ෂණයකින් හෙළි වී ඇත.


මෙම ඉංජිනේරුවරයා කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන ව්‍යාපෘතියක ඉංජිනේරුවරයකු ලෙස පත්ව ගොස් මුල් වාහනය බාරදී නොමැති බවට මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා විසින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වෙත පැමිණිලි කර තිබේ.

මෙම නිලධාරියා සිය නිල වාහනය භාර නොදී අයථා පරිහරණය සඳහා යොදාගෙන ඇති බැවින් ආයතන සංග්‍රහයේ " IIඛණ්ඩයේ XLVIII " පරිච්ඡේදය පරිදි සිදුකර ඇති වරද සඳහා ඔහුගේ වැඩ තහනම් කිරීමත් නාගරික කොමසාරිස්වරයා තරයේ නිර්දේශ කර ඇත.

මේ පිළිබඳව නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කීවේ පළාත් සභාවෙන් අනුමැතිය ලද වහාම අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කරන බවය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment