මහින්ද අස්වෙන්නෑ නාමල් කියයි- ඇරඹුණ විගස පාර්ලිමේන්තුව කල් දැමීමේ සූදානමක්

https://www.gossiplankanews.com/2018/11/mahinda-never-resign.html#more
ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබාදුන් තීන්දුව ප්‍රකාරව හෙට 14 පාර්ලිමේන්තුව රැස්වන බැවින් එහිදී මහින්දගේ අගමැති ධූරය උරගෑමේ අවදානම් අවස්තාවට මුහනු නෙදී උපායක් ලෙස අදම අගමැති ධූරයෙන් මහින්ද ඉවත්වන බවට පැතිර තිබෙන කතාව මහින්ද දෙටු පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු පවසන්නේ,
තමන් ඇතුලු පිරිස හෙට 14 පාර්ලිමේන්තුවට යන බවයි. එසේම අද අධිකරණය ලබාදුන් තීන්දුව අවසන් ථීන්දුවක් නොවන බවද ඔහු මතක් කර සිටී.
ඒ බව නාමල්ගේ ට්විටර් පනිවිඩයකින් දන්වා තිබුණි.
මේ අතර අදිකරණ තීන්දුවෙන් පසු දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ,නිමල්

සිරිපාල,වාසුදේ නානායක්කාර, සුසිල් ප්‍රේමජයන්ත ප්‍රමුඛ පිරිස් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදී පවසා තිබෙන්නේ, මහින්ද හෙට පාර්ලිමේන්තුවට යන්නේ අගමැති ලෙස බවත් එහුට තනතුර අහිමිකරවීමට අමුතු බලයක් කතානායකට නොමැති බවයි.

හෙට 14 දිනය පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් අරඹන දිනය වන අතර එහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේනද සැසිවාරය අරඹමින් එහි පැමිණිමට නියමිතය. මින් ඉහත කාලයේ පාර්ලිමේන්තු බහුතර තරගය සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡා පැවති අතරවාරයේ මහින්දට සම්බන්ධ අය දැක්වූ ප්‍රකාශ වලින් කියැවුනේ නව සැසිවාරය ඇරඹීමේ ජනපති කතාවෙන් පසු අවශ්‍ය තරම් කාලයකට පාර්ලිමේන්තුව කල් දැමීමේ සූදානමක් පැවති බවයි.

පාර්ලිමේන්තුව වසාදමන ලද කාලයේ සභානායකවරුන් සංවිධායකවරුන් ජනපති විසින් පත්කරන ලද්දේ මෙම කටයුත්ත උදෙසා බවටද කතාවක් පවතී.
එවැනි සිදුවීමක් වුවහොත් මහින්ද රාජපක්ෂට සිය අගමැති ධූරය උරගෑමෙන් මිදී සිටීමට හැකියාව ලැබෙනු ඇත.
මහින්ද අස්නොවන බව නාමල්ගේ සටහන පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment