අතුරු තහනම් නියෝගය කියන්නේ ජයග්‍රහණයක් නෙවෙයි


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ඉඩ දී ගැසට් නිවේදනය
අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කිසිවිටෙකත් ජයග්‍රහණයක් නොවන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අධිකරණ තීන්දුව ලබා දීමෙන් පසුව අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.


ඕනෑම නඩුවක සාමාන්‍ය ලක්ෂණයක් වන්නේ මෙවැනි අතුරු තහනම් නියෝග නිකුත් කිරීම වන බවත්, එය අවසන් තීන්දුව නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සෑම විටම මැතිවරණයන්ට බිය වී සිටින බවත්, කියා සිටි ඔහු ප්‍රජාත්නත්‍රවාදය ගැන කථා කරන පුද්ගලයින්ම ජනතාව ළඟට යෑමට බියෙන් පසුවන බව ද පැවසීය.

තමා ඇතුළු පිරිස එවැනි බියක් නොමැති බවත් කියා සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, කෙසේ මෙම නඩුව ජයග්‍රහණය කරන බවද පැවසීය.

පාර්ලිමේන්තුවට රැස්වෙන ලෙස ජනාධිපතිවරයා පැවසුවහොත් එය අනුගමනය කරන බව ද ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරත් කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment