වැලිකඩ සමූහ ඝාතනයේ සැකකරු රංගජීව යළි සේවයේ පිහිටුවයි


වැලිකඩ බන්ධනාගාරය තුළ දී 2012 වසරේ  ආරක්ෂක අංශ  විසින් සිදුකළ සෝදිසියකදී  රැඳවියන් 27 දෙනකු ඝාතනය  කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ  අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරය සිට ඇප මත මුදා හැර සිටින  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ (21) සිට නැවත සේවයේ පිහිටුවා ඇති බව පොලිසිය කියයි.

නියෝමාල් රංගජීව මහතා නැවතත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ම  සේවයේ පිහිටුවා ඇති බවත්  ආයතන සංග්‍රහයේ  ප්‍රතිපාදන  අනුව  පොලිස්පතිවරයා  විසින් මෙම පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.

තමන් යළි සේවයේ පිහිටුවන ලෙසට රංගජීව මහතා පෙරේදා (19) වැනි දින පොලිස්පති සහන මැදිරියට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එම අභියාචනය  ඊයේ  (20) දින පොලිස්පතිවරයා  පරීක්ෂා කර මෙම පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීව මහතා රහස් පොලිසිය විසින් ඉකුත් මාර්තු මස 23 වැනි දින අත්අඩංගුවට ගෙන තබුණි.

අත්අඩංගුවට ගෙන මාස 6 ට අධික කාලයක් පුරා රිමාන්ඞ් බාරයේ සිටි රංගජීව මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ඔහුගේ නීතීඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියානාධිකරණය ඉකුත්  සැත්තැම්බර් 21 වැනි දින ඒ මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment