වෙස්වළාගත් කණ්ඩායමක් පැමිණ වැලිකඩ සිරගෙදරින් සිරකරුවෙකු රැගෙන ගොසින්

https://www.gossiplankanews.com/2018/11/welikada-prison-beak.html
ව්‍යාජ ලෙස සකස්කරන ලද බන්ධනාගාර බස් රථයකින් පමිණ වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව සිරගතකර සිටි සැකකරුවෙකු රැගෙන පළා යාමේ සිද්ධියක් වාර්තාවේ. බන්ධනාගාර නිලධාරීන් ලෙස වෙස්වලාගත් මෙම කණ්ඩායමට
ආරක්ෂක නිලධාරීන්ගේ ඇස් රවටා ඇතුළුවීමට අවසර ලැබී තිබෙන අතර
මීට මාස 6 කට පමණ ඉහත අත්අඩංගුවට ගෙන ඇති සුනිල් ශාන්ත නම්  සැකකරු ඔවුන් රැගෙන ගොස් ඇති බව කියැවේ.
 රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 2ක් සමග හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස සැලකෙන අතර ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැලකෙන සුසෙව් හා සිද්ධික් නැමැත්තන්ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස හඳුනාගෙන තිබුණි.

කළුතර බන්ධනාගාරයෙන් පැනයාමට ද සැකකරු කිහිප වතාවක්ම උත්සාහ කර තිබී ඇති අතර කෝටි 5 ක අල්ලසක් දී පළායාමට තැත් කිරීමේ සිද්ධියක්ද වාර්තාවී තිබිණි. පසුව ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කර තිබිණි.

සැකකරු රඳවා සිට ඇත්තේ ද විශේෂ ගණයේ සැකකරුවන්ගේ රැඳවුම් මැදිරියකය. නමුත් ඉතා සූක්ෂ්ම සැලසුමක් අනුව එම පරිශ්‍රයේ රෝහල ආසන්නයේ දී ව්‍යාජ බන්ධනාගාර බස්රථයට ඔහුව ඇතුලුකරගෙන පැනයාමට සමත්ව ඇත.

කෑගල්ල බන්ධනාගාරයේ සිට ඉකුත් 07 වැනිදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබූ මෙම සැකකරු නැවත කලුතර බන්ධනාගාරයේ රැඳවීමට නියම වී බී ඇත. එයට හේතුවී ඇත්තේ  මතුගම අධිකරණයේ විභාග වෙන නඩුවක් සඳහා පෙනී සිටීමටය.
ඔහු බන්ධනාගාර බස් රථයෙන් රහසේ පළායාම සිද්ධවුවත් බන්ධනාගර නිලධාරීන් ඒ ගැන එකවර දැනුවත්වී නැත.
 පෙරේදා (20) කළුතර නඩුව විභාග වීමට නියමිතව තිබිදී නඩුවට අදාළ සැකකරු පැමිණ නොමැති හේතුව කළුතර බන්ධනාගාරයෙන් සොයා බැලීමේදී මේ පිළිබඳ මුලින්ම අනාවරණය වී තිබෙයි.
 සැකකරු අතුරුදහන් වී ඇත්තේ කුමන ස්ථානයකින්ද යන්න පසුව කළ සීසීටීවී විමර්ශන වලින් අනාවරණය වී ඇත.
බන්ධනාගාර නිලධාරින්ගේ ඇස්වලට වැලි ගසා උපක්‍රමශීලිව සැකකරු පැනයාම ගැන පරීක්ෂණ ආරම්භවී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment