දඹර අමිල හිමි ඇරඹුවේ සත්‍යග්‍රහයක් - උපවාසයක් නොවේ


ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට පෙළ ගැසෙමු යන තේමාවෙන් කොළඹ මහනගර සභාව ඉදිරිපිට ඊයේ 21 ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද 22 ත් ක්‍රියාත්මක වේ.
මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවේ, දඹර අමිල හිමියන් සමග සිවිල් සංවිධාන හා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති එකමුතුව මගිනි.

මේ පිළිබඳ සමාජ මාධ්‍ය වල

විවිධ විවේචන පළ කර තිබෙන අතර ඇතැමුන් අර්ථ ගන්වා ඇත්තේ මෙම විරෝධතාවය නිසා කන්න බොන්න නැතිවී අමිල හිමියන් ඇතුළු පිරිස රෝහල්ගතවීම හෝ ජීවිතියට කරදර පමුණුවා ගැනීම සිදුවනු ඇති බවයි.
නමුත් මෙම සංවිධායකයින් දන්වා සිටින පරිදි මෙය අඛණ්ඩ උපවාසයක් නොව අඛණ්ඩ සත්‍යග්‍රහයකි. එහි වෙනස නම් විරෝධතාව සහිත අට්ටාලය තුළ විරෝධතාව වෙනුවෙන් වරින්වර පිරිස් ඒකරාශී වෙමින් අඛන්ඩව එය ගෙනයාමය. එහිදී නිරාහාරව සිටීමක් සිදු නොවන අතර එකම පුද්ගලයා දිගටම රැඳී සිටීමක්ද සිදු නොවේ.
ඨයේ අමිල හිමියන් සරත් විජේසූරිය ඇතුළු අය මෙම අට්ටාලයේ සිටිනු දක්නයට ලැබුණද අද උදෑසන ඔවුන් නැත.
මින් ඉහත පසුගිය කාලයේ කොටුව දුම්රිය සථානය අසළ හා කොළඹ වෛද්‍ය විද්‍යාලය අසළ සයිටම් විරෝධතාව වෙනුවෙන් මෙවැනි සත්‍යග්‍රහයන් මාස ගණනාවක් පවත්වා තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment