ජනපතිගේ මුල් තීරණය හරිද වැරදිද පාර්ලිමේන්තුවේදී විසඳන්න සූදානම් - මහින්ද රනිල් යළිත් බහුතර සටනට

https://www.gossiplankanews.com/2018/11/maithri-mahinda-ranil_13.html
පාර්ලිමේන්තුව විසුරවීමට මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා ගත් තීන්දුව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරනය අද 13 සවස ලබාදුන් තීන්දුව ප්‍රකාරව හෙට 14 දින හෝ ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස්වනු ඇති බවට ආරංචි පැතිර තිබේ.
ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා ලබාගත් මුල් තීන්දුව ප්‍රකාරව
අගමැති ලෙස මහින්ද රාජපක්ෂ

පිළිගන්නේද නැද්ද යන්න පිළිබඳ ඡන්ද විමසීමකට පාර්ලිමේන්තුවේ පක්ෂ කේන්ද්‍රගතවනු ඇත. එම මුල්  තීන්දුවද ව්‍යවස්තා විරෝධී බවට තර්ක පැන නැගුනි.
විසුරවීම සිදුවන අවස්ථාව වනවිට මහින්ද පිලට එජාපයේ 6 ක් හා ඊපීඩීපී 1 ක් ටීඑන් ඒ 1 ක් එකතුව 103 ක බහුතරයක් පෙන්නුම් කළ අතර ඒ දිනවල මහින්ද පිලට අයත් මාධ්‍ය හෙලිදරව් කර සිටියේ තවත් 15 ක් පමන එකතුවනු ඇති බවයි.

කෙසේ වෙතත් නිල නොවන වාර්තා පවසා තිබුනේ මහින්දගේ පිල 86 දක්වා අඩුවූ බවයි.
කෙසේ වෙතත් මෙම ඡන්දයේදී 6 දෙනෙකු නියෝජනය කරන ජවිපය ඡන්දය දීමෙන් වැළකී සිටින බවට මුලින් ප්‍රකාශ කළ අතර පසුව කියා සිටියේ මහින්දට එරෙහි යෝජනාවක් නම් ඡන්දය විරුද්ධව පළ කරන බවයි. ටීඑන්ඒ 15 දෙනාද විරුද්ධවන බව දන්වා සිටි අතර මුස්ලිම් මන්ත්‍රීවරුන් 12 දෙනා මහින්දට පක්ෂවූයේ නැත.

ඒ අනුව පාර්ලිමේන්තුව ඉදිරියේ රැස්කරන අවස්තාවේ ජනපතිවරයා ලබාගත් මුල් තින්දුව ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න තහවුරු වනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment