දඹර අමිල හිමියෝ ඇතුළු පිරිස අඛණ්ඩ සත්‍යග්‍රහය අරඹති

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කුමණ්ත්‍රණයට එරෙහිව නමින් අද විහාරමහා දේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ  අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන්නට
දඹර අමිල හිමියන් ප්‍රධාන පූජ්‍ය පක්ෂය ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව කටයුතු කරන ලදි.
මහාචාර්ය සරත් විජේසූරිය මහතාද ඊට එක්ව සිටියේය.

රටතුළ පවතින දේශපාලන අර්බුදයට නිසි විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන බව සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියෝ මෙහිදී පැවසූහ.
 විහාරමහා දේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කිරීමට විශේෂ කුටීරයක්ද ඉදිකර තිබුණි.
 සිංහලේ සංවිධානය සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය එක්ව අද පූජ්‍ය දඹර අමිල හිමියන්ට එරෙහිව පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් සිදු කර ඇති බවද වාර්තා වී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment