සිරිසේනට අප්සෙට් : මනෝ වෛද්‍යවරුන් පිරිසක් අධිකරණයට.

ල්

ජනාධිපති සිරිසේන කිසියම්  මානසික ව්‍යාධියකින් පෙලෙන බවට හැඟෙනු ඇතැයි පවසමින් ‍එළැඹෙන සඳුදා (10) වනදා මනෝ වෛද්‍යවරු පිරිසක් අධිකරණයට යෑමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය මාස කිහිපය තුළ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් දෙස නිරීක්ෂණය කලවිට එලෙස හැඟී යන බවත් එම නිසා කඩිනමින් ඔහු වෛද්‍ය පරීක්ෂාවන් සඳහා යොමු කළ යුතු බවත් ඔවුන් ගේ  අදහස වී තිබේ.

යම් හෙයකින් ඔහු යම් මානසික ව්‍යාධියකින් පෙලෙන්නේ නම් විධායක ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතල අනුව යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමේ හැකියාවක්ද පවතින නිසා ඔහුගේ යම් නියෝගයකින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරක් ඇති බව මෙම වෛද්‍ය කණ්ඩායමේ අදහස වී ඇත.

පසුගිය දිනක මාධ්‍ය හමුවකදී හිරුණිකා පේමචන්ද්‍ර මන්ත්‍රීවරියද  ජනපති ආර්යාව වූ ජයන්ති වෙතින් ඉල්ලා සිටියේ  තම ස්වාමි පුරුෂ්‍යා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment