මෛත්‍රීගේ ඉසුර අනාථයි : බස්නාහිර පළාත් සභාව හෙට පෙරළෙයි.


බස්නාහිර පළාත් සභාවේ 2019 වසර සදහා වන අයවැය  හෙට (05) දිනයේදී පරාජය වීමට නියමිත බව වාර්තා වනවා. 

උපාලි කොඩිකාර මහතා විසින් බස්නාහිර පළාත් සභාව තුල ගෙන ගිය රහසිගත මෙහෙයුමක ප්‍රතිපලයක් වශයෙන්  මෙම බලපෙරළිය සිදුවීමට නියමිතව තිබේ. 

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන නවුසර් ෆවුසි සහ කීර්ති කාරියවසම් යන මන්ත්‍රීවරුන් අද විපක්ෂයේ අසුන් ගත්හ.

අනතුරුව ඔවුන් සභාව හමුවේ විශේෂ ප්‍රකාශ කරමින් සිය තීරණය පිළිබදව අදහස් පළ කළේ ය.

කීර්ති කාරියවසම් මහතා කියා සිටියේ , වත්මන් පරිපාලනය සමග තමන්ට කටයුතු කිරිමට නොහැකි බැවින් විපක්ෂයට එක් වීමට තීරණය කළ බවයි.

වත්මන් සන්ධානයට සහ ප්‍රතිපත්තිවලට එකඟ නොවන බැවින් ඊට විරෝධය දැක්වීමක් ලෙස විපක්ෂයට එක් වීමට තමා තීරණය කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

හෙට දිනයේදී එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙකු අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කිරීමට සූදානම්ව සිටින බව අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment