එජාප මන්ත්‍රීන් පරිශ්‍රයට ඇතුළු වුනැයි රූපවාහිනියේ කලබලයක්

https://www.gossiplankanews.com/2018/12/tense-situ-in-rupavahini.html
සුගිය ඔක්තෝබර් 26 වනදා රාත්‍රියේ සිට කොළඹ 7 ජාතික රූපවාහිනි පරිශ්‍රයේ මහින්ද හිතවාදී පිරිස් සිය ආධිපත්‍යය තහවුරු කරගෙන තිබෙන අතර ඊයේ මහින්දට අගමැති ධූරය තාවකාලික අහිමිවීම සිදුවුවද
වෙනසක් නොවී ඔවුන් සිය කටයුතු කරගෙන යනු වාර්තා විය. රාත්‍රී 8 ප්‍රවෘත්ති පවා රනිල් විරෝධී මුහුණුවරකින් ඉදිරිපත් කර තිබුණි.
මෙම තත්වය යටතේ අද දහවල් ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළ නොසන්සුන්තාවක් නිර්මාණය වී ඇත.
එයට හේතුව පිටතින් පැමිණි පිරිසක් ගැන ඇතිවූ විස්සෝපයකි. එක්සත් ජාතික පෙරමුණේ මුජිබර් රහුමන්,

ජේ.සී. අලවතුවල යන මන්ත‍්‍රීවරුන් ආයතනයට පැමිණ ඇත්තේ එහි සභාපතිවරයා හමුවීමටය. නමුත් ඇතුලේ සිටින මහින්ද හිතවාදී පිරිස් ඔවුන් දැක කලබලකාරී තත්වයක් නිර්මාණය කරන්නට උත්සාහ ගත් බව පැවසේ.
මුජිබර් රහුමන්, ජේ.සී. අලවතුවල කියා ඇත්තේ පක්‍ෂග‍්‍රාහී නොවී කටයුතු කරන්නැයි ආයතන පාලකයන්ට දැන්වීම සදහා එසේ ගිය බවයි.
ඇතිවූ නොසන්සුන් තත්වය තුල එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇත. එම අවස්ථාවේදී සභාපතිවරයා සංස්ථාව තුල සිට නැති බවද පැවසුණි.
ජාතික රූපවාහිනිය ජනපති මෛත්‍රිපාල සිරිසේන පාලනය යටතේ පවතී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment