ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරන තෙක් මහින්ද අගමැති නොවේ.


අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් එම අතුරු තහනම් නියෝගය බලාත්මක වීම නොනවතින බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණ නියෝගය අත්හිටුවන තුරු එම නියෝගය ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයට සිය ධූර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව  මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment