නිල ඇඳුම් වවුචරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ


පාසල් නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලය ලබන පෙබරවාරි 28 වන දා දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ.
ඒ, අමාත්‍යංශයේ නිලධාරීන්
සමග පැවති සාකච්ඡාවකදීයි.

එසේම පාසල් නිවාඩුව අවසන් වීමට පෙර නිල ඇඳුම් වව්චර් පාසල් වෙත යොමුකිරීමට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

පාසල් දරුවන් සඳහා නොවැම්බර් මස පස්වන දින වන විට නිල ඇඳුම් වවුචර් පත් ලබාදීමට නියමිතව තිබූ බව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේ ය.

ලබන 31 වැනිදායින් වවුචර් පත්වල නිල කාලය අවසන් වීමට නියමිතව තිබිණ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment