මහජනතාවගේ ජීවන වියදම අවම කිරීම තමයි අපගේ වගකීම : රවී.
මහජනතාවගේ ජීවන වියදම අවම කිරීම තමයි අපගේ වගකීම වන්නේ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ, ඊයේ (28) පස්වරුවේ මට්ටක්කුලිය, සමිත්පුර ක්‍රීඩාංගනයේදී පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය රවී කරුණානායක මහතා,
'අපි එක්සත් ජාතික පක්ෂය තුළ යහපාලනය ක්‍රියාත්මක කළා, අනිත් අය දේශපාලනය ක්‍රියාත්මක කළා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලබා දෙන්න තිබෙන ප්‍රතිලාභ ලබා දීමට නොහැකි වුණා. ඔක්තෝබර් 26 වන දින ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් ඇති වුණා. නමුත් මහජනතාවගේ ශක්තිය නිසා ව්‍යාජ ආණ්ඩුව පරදවා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නැවත පිහිටුවීමට හැකියාව ලැබුණා. ඒ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මින් පෙර සිදු නොවු සංවර්ධනයක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම, අද රුපියල අවප්‍රමාණය වෙලා තිබෙනවා. අද ශක්තිමක් ආණ්ඩුවක් තිබියදී රුපියල අවප්‍රමාණය වීමට ඉඩ දිය යුතු නැහැ.
රටක් සංවර්ධනය කිරීම භෞතික මෙන්ම මානව වශයෙන්ද සිදුකළ යුතුයි. රටක අප සතු වටිනාම සම්පත වන්නේ, අනාගත දරු පරපුරයි. එනිසා, රටක් සංවර්ධනය කිරීමේ මූලික පියවර ලෙස අනාගත දරු පරපුර අධ්‍යාපනික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද පෝෂණය කළ යුතුයි' යැයි පැවසීය.
ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුදැරියන් 1000කට පමණ අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ ලබාදීම මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
0 comments :
Post a Comment