සිංගප්පූරු ගිවිසුම අත්හිටුවා නැහැ : අමාත්‍යාංශය.

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව පවසමින් ප්‍රචාරය වන පුවත් සාවද්‍ය හා පදනම් විරහිත බව ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය කියා සිටී. මේ පිළිබඳව යථා තත්ත්වය පැහැදිලි කරමින් ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම අත්හිටුවීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශ හා ගිවිසුමට එරෛහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති පෙත්සම් විභාගවල තීරණ මත ඒ සම්බන්ධව දෙරාජ්‍යයටම ප්‍රතිලාභ හිමිවන පරිදි ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇති බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඡායාරූපය - සිංගප්පූරු වෙළෙඳ අමාත්‍ය එස්. ඉෂ්වරන් හා ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා වූ මලික් සමරවික්‍රම විසින් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂෙන් ලූන් හා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ඉදිරිපිට දී ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සඳහා 2018 ජනවාරි 23 දින අත්සන් තබන ලද අවස්ථාව.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment