ගල්කිස්සේ වෙඩි තැබීමකින් තරුණයෙකු මරුට


අද (05)  රාත්‍රී 9.20 ට පමණ ගල්කිස්ස පොලිස් වසමේ කල්දමුල්ල හංදිය අසල පිහිටි නිවසක් අසලදී මුහුණු
ආවරණය කරගත්
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලබු පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
සිද්ධියෙන් මියගියේ වයස අවුරුදු 30 ක්වූ අඟුලාන දුම්රියපොලෙ පාර, කල්දමුල්ල, මොරටුව ලිපිනයේ පදිංචි ළහිරු උදාර සඳරුවන් යන අය ලෙස හඳුනාගෙන තිබේ.
 මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
කවර හේතුවක් නිසා මේ ආකාරයට වෙඩි තැබුවේද යන්න ගැන පරීක්ෂණ පැවැත්වේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment