පිළියන්දලදී විධායක කාන්තාව මරා දමා ඇත්තේ හොරෙක්


පසුගියදා පිළියන්දල පොලිස් වසමේ මාවිත්තර ප්‍රදේශයේ විධායක රැකියාවක් කරන කාන්තාවක තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර තිබූ සිද්ධියට අදාළව සිදු කළ පරීක්ෂණ අනුව එම නිවස
කොල්ලකන්නට පැමිණි සොරෙකු මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.‍
54 හැවිරිදි කාන්තාවක තනිව සිටි නිවසේ  ඇය සිය කාර්යාලයට යන්නට සූදානම්ව සිටි අවස්ථාවක මෙම ඝාතනය සිදු කර තිබුනේ ගෙළ කපා දැමීමෙනි.
ඝාතනයට අදාළ මූලික විමර්ශන වලදී මියගිය කාන්තාවගේ බඩුභාණ්ඩ අස්ථානගතව නැති බව කියැවුණත් පසුව සිදු කළ පරීක්ෂණ අනුව ඇයගේ රත්තරන් බඩු

මුදල් , බැංකු හා ක්‍රෙඩිට් කාඩ්පත් 2ක් අපරාධකරු විසින් රැගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
ඒ සම්බන්ධ හෝඩුවාවන් ඔස්සේ පිළියන්දල පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනය අනුව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සේනපාය, විද්‍යාල මාවත, පැල්මඩුල්ල ලිපිනයේ මල්වත්ත ආරච්චිලාගේ නුරාන් රන්දික සේනාරත්න යන පුද්ගලයා අත්අඩංගුවට ගන්නට හැකිව ඇත.
මනුෂ්‍ය ඝාතනය කිරීම මෙන්ම කොල්ලකෑමේ වරදවල් සඳහා ඔහු පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකි. ඝාතනය සිදුවී දින දෙකක් තුළ 09 වන දින අත්තිඩිය ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය කාන්තාවගෙන් සොරාගත් රන් ආභරණ ඔහු විකුණා තිබූ අතර එම වරදට අංක 29, විජිතපුර, තලවතුගොඩ, කෝට්ටේ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 57 ක පුද්ගලයෙකුද, අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනය සඳහා යොදාගන්නා ලද පිහිය සහ රන් ආභරණ උකස් කරන ලද පත්‍රිකාව සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පිළියන්දල පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරගෙන යනු ලබයි.

සිද්ධියට අදාළ පෙර වාර්තාව
පිළියන්දල නිවසකදී රැකියාවට යන්න සූදානම් වූ කාන්තාව ගෙළ කපා මරා පැනගිහින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment