අමාත්‍යංශ විෂය අවුල : සැලසුම් සහගත වැඩක්? : සංශෝධනයකට රනිල් - සිරිසේන සාකච්ඡාවක්!
අමාත්‍යංශ විෂය පථය හා ඊට අදාල රාජ්‍ය ආයතන ඇතුලත් ගැසට් නිවේදනයට සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් හෙට (31) දිනයේ ජනාධිපතිවරයා හමුවී ඔහු වෙත යොමුකිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඒ අදාළ ගැසට් නිවේදනයේ ඇතුළත් විෂය පථ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවක් ඇති ව තිබෙන නිසාය.
අමාත්‍යංශවලට අදාළ විෂය පථ නම් කිරීමේදී ජනාධිපති සැලසුම් සහගත ලෙස එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අර්බුදයක් ඇතිකර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සිය පාලන කටයුතු නිසිලෙස මෙහෙයවීම වෙනුවට ඇමතිධුර, විෂය පථ ගැටළු විසඳගැනීම වෙනුවෙන් සිරිසේන ජනාධිපති පසුපස වැටීමේ තත්ත්වයක් නිර්මාණය කරලීම බවද දේශපාලන ආරංචිමාර්ග පෙන්වාදෙයි.
කිරිඇල්ල හා රවි කරුණානායක
විශේෂයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල හා රවි කරුණානායක යන අමාත්‍යවරුන් තමන්ට ලැබී ඇති ආයතන සම්බන්ධයෙන් බලවත් නොසතුටින් සිටින බව දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිටින්නේ ධුරයෙන් ඉල්ලා අස්වීමට තරම් කනගාටුවෙන් බවද සඳහන්ය. මීට පෙර කිරිඇල්ල අමාත්‍යවරයා සතුව තිබූ රාජ්‍ය බැංකු සියල්ල නව ගැසට් නිවේදනය මගින් මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇත.
එසේම නව ගැසට් නිවේදනයේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට රාජ්‍ය ව්‍යසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ධූරය ලබා දී ඇතත් ඔහුට හිමිව ඇත්තේ ආයතන හතක් පමණි.
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමතිවරයා වන රවි කරුණානායක මහතාට ආයතන හතක් හිමිව ඇතත් ව්‍යාපාර සංවර්ධන ඇමැති ධුරයට අදාළ කිසිදු ආයතනයක් ගැසට් පත්‍රයේ නැත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, නවීන් දිසානායක යන ඇමතිවරුන්ගේ අමාත්‍යංශ සඳහා ආයතන විශාල ගණනක් ගැසට් කර තිබීම සම්බන්ධයෙන් ආයතන කප්පාදුවකට ලක්ව සිටින ඇමැතිවරුන් නොසතුටින් සිටින බවද වාර්තා වේ.
හර්ෂගේ අමාත්‍යංශයට ආයතන කිසිවක් නෑ
හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන ඇමැතිවරයා ලෙස දිව්රුම් දුන්නේ පසුගිය දෙසැම්බර් 21 වනදා ය. නමුත් ජනාධිපති සිරිසේන දෙසැම්බර් 28 වනදා නිකුත් කළ ගැසට් පත්‍රයේ අදාළ අමාත්‍යංශය සඳහා එකදු ආයතනයක් හෝ වෙන් කර නැත.
ඒ අනුව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයාට අමාත්‍යංශ ගොඩනැගිල්ලක් ලබාදුන්නත් ක්‍රියාත්මකවීමට ආයතන කිසිවක් නොමැති අතර අදාළ අමාත්‍ය ධුරය කිසිදු වැදගැම්මකට නැති බවට පත්කරන්නට සිරිසේන ජනාධිපති කටයුතු කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පෙන්වාදෙයි.
0 comments :
Post a Comment