අධිකරණ නියෝගයක් හරහා නාමල් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්?

ඉදිරියේදී අධිකරණ නියෝගයක් ලබාගෙන ජනාධිපති සිරිසේන සහ හිටපු ආරක්ෂක ආමාත්‍යාංශ ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරමින් පැමිණිල්ලක් සිදුකළ නාමල් කුමාර අත්අඩංගුවට ගැනීමට සූදානමක් පිළිබඳ ආරක්ෂක ආරංචිමාර්ග වාර්තා කරයි.

ඒ අනුව නාමල් කුමාර පොලිසි හා ජනතාව නොමඟ යවා ඇති බවත් එම චෝදනාව මත පදනම්ව නාමල් කුමාර අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙන බවත් එම ආරංචිමාර්ග පවසයි.

එසේම දුරකථනයේ මකා දමා තිබූ දත්ත අතර එම ඝාතන කුමන්ත්‍රණයට අදාළ කිසිදු තොරතුරක් නොමැති බව හොංකොන් වෙත යවනු ලැබූ මුලාශ්‍ර වෙතින්ද තහවුරුවීම හමුවී තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිසිය වෙත අභූත චෝදනා නැගීමට නාමල් කුමාර කටයුතු කරමින් සිටින අතර ඒ සම්බන්ධවද විශේෂ විමර්ශනයක් සිදුවන බවත් දැනගන්නට ඇත.

එම ආරංචි මාර්ග පවසන ආකාරයට හොංකොන් වෙත යවනු ලැබූ මුලාශ්‍රවලදීද ලැබී ඇත්තේ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාමල් කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කළ සාකච්ඡාවක් පමණි.

ඒ අනුව ආරක්ෂක ආරංචි මාර්ග පවසන්නේ මේ සම්බන්ධවද වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුවන බවයි.

එහෙත් එම චෝදනාව සමඟ ජනාධිපති ඝාතන ප්‍රයත්නය ගැන දැක්වෙන චෝදනාව ඔප්පු නොවන බවත් ජාතික ආරක්ෂාව අවධානමේ දමමින් හිතට එන කතා චෝදනා ලෙස දොඩවන විට මහජනයා නොසන්සුන් වන බැවින් නියත වශයෙන් ඊට එරෙහිව කටයුතු කල යුතු බවද එම ආරංචිමාර්ග පවසයි.

එසේම නාමල් කුමාර කිසිඳු බයක් සැකක් නොමැතිව සිදුකරන මෙම අතාර්කක ප්‍රකාශ සහ සාවද්‍ය කරුණු හමුවේ කිසියම් පාර්ශවයක් ඔහුව මෙහෙයවමින් ඇති බවට බරපතල සැකසංකා මතුව ඇති බවත් එබැවින් මේ කුමන්ත්‍රණ අනාවරණය කිරීම ජනතාව අතර තිබ්බෙන නොසන්සුන්තාව නැති කිරීමද අතිශය වැදගත් කරුණක්ව ඇති බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

එහෙත් මේ වන විට මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් පවතින බැවින් අධිකරණ නියෝග අනුව ක්‍රියා කිරීමට පමණක් පොලිසියට සිදුව ඇති බවද එම ආරංචිමාර්ග පවසයි.

(News Tube)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment