කුමන්ත්‍රණයට පෙර සිටි රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් නැවත එම තනතුරුවලට.
ඔක්තෝබර් 26 වනදා දේශපාලන කුමන්ත්‍රණය දියත්වන අවස්ථාවේ රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සියලු දෙනා යළිත් එම ධුර සඳහා පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර උපදෙස් නිකුත්කර ඇත.
ඒ අනුව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිනිය ලෙස තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස සිද්ධික් ෆාරුක් , ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය ලෙස ඉනෝකා සත්‍යාංගනී, ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස ක්‍රිෂාන්ත කුරේ නැවත සේවයේ පිහිටුවීමට නියමිතයි.

0 comments :
Post a Comment