මහින්දගේ පුත්තු කොල්ල කෑ බවට චෝදනාවක් : රිවිරත් නවතියි.


රිවිර මීඩියා කෝපරේෂන් සතුව තිබූ රිවිර පුවත් පත රිවිර මීඩියා කන්සල්ටන් නැමැති සමාගමට පවරාගනිමින් එය විනාශ කළ බවට එහි සේවය කළ මාධ්‍යවේදීන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.

මේ වන විට අදාළ පුවත් පත මුද්‍රණය නවතා ඇති අතර රිවිර මීඩියා කෝපරේෂන් සතුව තිබියදී එහි පිටපත් 30,000ක් පමණ අලෙවි වූ බවත්, පසුව රිවිර පුවත් පත රිවිර මීඩියා කන්සල්ටන් නැමැති සමාගමට පවරා ගැනීමෙන් පසුව එහි අලෙවිය පිටපත් 3,000 දක්වා පහත වැටී ඇති බව පැවසේ.

රිවිර මීඩියා කන්සල්ටන් නැමැති සමාගමේ අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ මිතුරන් දෙදෙනෙකු වන කසුන් මාධව හා ධුමීර ධර්මවර්ධන යන දෙදෙනා විසින් බව පැවසේ.

ඔවුන්ට චූලා රත්වත්තේ හා චානුක රත්වත්තේ යන පිරිසෙන් ද සහය ලැබී ඇති අතර පසුව යෝශිත හා චානුක එක්ව චූලා රත්වත්තේද රිවිර මෙහෙයුම්වලින් ඉවත්කර තිබේ.

කෙසේවුවද, පුවත්පතේ සේවකයන්ට දිගින් දිගටම මුදල් නොගෙවීම නිසා බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතියක් වන නාගරික මන්ත්‍රීනී ප්‍රියංකා ජයසේකර නැමැත්තිය අදාළ පුවත්පතට අවසන් කාලයේ මුදල් යොදවා ඇතත් කුමන්ත්‍රණකාරී ලෙස පුවත්පත විනාශ කිරීමට යෝශිත සමඟ එක්වූ කසුන් හා ධුමීර කටයුතු කළ බවට එහි සේවකයෝ චෝදනා කරති.

රිචඩ් පීරිස්ට අයිති පෙරෙස් එකේ කෑලිත් විකුණලා

මේ අතර, රිවිර මීඩියා කෝපරේෂන් සතුවූ CTB වර්ගයේ මුද්‍රණ යන්ත්‍රයක කොටස් ද රිවිර මීඩියා කන්සල්ටන් සමාගම විසින් විකුණා දමා ඇති බව පැවසේ.

අපිට අයිතියක් නෑ - ධුමීර

මේ සම්බන්ධයෙන් අපි රිවිර මීඩියා කන්සල්ටන් සමාගමේ අධ්‍යක්ෂවරු බව කියන කසුන් මාධව නැමැත්තා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ අතර ධුමීර ධර්මවර්ධන නැමැත්තාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන්ට අදාළ ආයතනයට කිසිදු අයිතියක් නොමැති බවත් රිවිර වසා දැමීමට වගකිවයුතුවන්නේ නාගරික මන්ත්‍රීනී ප්‍රියංකා ජයසේකර හා එහි සේවකයකු වන භක්ති බවයි.

(SLM)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment