අමාත්‍යංශ ලේකම්වරුන්ට එරෙහිවත් නඩු පිට නඩු වැටෙන ලකුණු.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2015 ප්‍රතිශෝධන ව්‍යවස්ථාවේ 52-3 වගන්තිය අනුව වර්තමානයේ අමාත්‍යාංශ ලේකම්වරු රාජකාරි කිරීමද නීති විරෝධී බව නීති විශාරදයින් විසින් පෙන්වා දෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52-3 වගන්තිය අනුව “අමාත්‍ය මණ්ඩල විසිර ගිය විට” අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ධුරය දැරීම නතර විය යුතුය.

“අමාත්‍යාංශ ලේකම්වරයා ධුරය දැරීම, අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩල විසිර ගිය විට හෝ ඒ අමාත්‍යාංශයේ පැවැත්ම නතරවීමේ ප්‍රතිඵලය ඇති තීරණයක් 43 වන ව්‍යවස්ථාව හෝ 44 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් කරනු ලැබු විටක හෝ නතර විය යුත්තේ ය.” යනුවෙන් එම වගන්තියේ පැහැදිලිව සඳහන් වේ.

උක්ත වගන්තිය අනුව නොවැම්බර් 16වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව සම්මත වීමෙන් අමාත්‍ය මණ්ඩලය විසිරි ගොස් ඇත. එමෙන්ම එම විශ්වාසභංගය පදනම් කරගෙන අමාත්‍යවරුන්ගේ පැවැත්ම අභියාචනාධිකරණය මගින් ලබා දුන් අතුරු තහනම් නියෝග මගින් නතරවීමේ ප්‍රතිඵලයට මුහුණ දී තිබේ.

ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්:

ඒ අනුව ලේකම්වරු තවදුරටත් ආමත්‍යාංශයන්හි කටයුතු කිරීම නීති විරෝධී වන අතර ඔවුන් එසේ ව්‍යවස්ථාව අනුගමනය නොකරමින් තව දුරටත් අමාත්‍යාංශයන්හි කටයුතු කරන්නේ නම් එය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්ද වන බව නීති විශාරදයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

විශ්වාසභංගය සම්මත වීම මත නව ඇමති මණ්ඩලයක් පත් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතු වේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස සිය වගකීම ඉටු නොකීරීමේ ප්‍රතිඵලයක් ලෙස අමාත්‍යාංශ ලේකම්වරු මෙලෙස ව්‍යවස්ථාව උල්ලංඝණය කළ වුන් බවට පත්ව තිබෙන බව නීති විශාරදයින් ගේ මතය වී ඇත. 

''මහින්දගේ ලේකම් ඇතුළු නිලධාරීන් පස්‌ දෙනකුගෙන් ප්‍රශ්න කිරීමට යෝජනාවක්‌ කථානායකට භාර දුන්නා'' - පාඨලී චම්පික

මේ අතර, ඊයේ (09 ) අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීම අධිකරණය විසින් තහනම් කර ඇති හෙයින් ඒ මහතාගේ ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් පස්‌ දෙනකු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත්, මූල්‍ය කමිටුවට හා පොදු විගණන කමිටුවටත් ගෙන්වා ප්‍රශ්න කිරීමට යෝජනාවක්‌ කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදුන් බවයි. 

ඊට අදාළ යෝජනාවට තමා ඇතුළුව ලක්‍ෂ්මන් කිරිඇල්ල, රවි කරුණානායක, රාජිත සේනාරත්න, අකිල විරාඡ් කාරියවසම් සහ අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්සන් කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව නීති විරෝධී අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කළ එස්‌. අමරසේකර, මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී ලේකම් ලෙස කටයුතු කළ එස්‌. ආර්. ආටිගල, වාණිජ වෙළෙඳ හා ක්‍රිස්‌තියානි කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ බර්නාඩ් වසන්ත පෙරේරා, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් වූ උපාලි මාරසිංහ, ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වූ එස්‌. ටී. කොඩිකාර යන මහත්වරු මෙලෙස අදාළ පාර්ලිමේන්තු කමිටු හමුවට කැඳවීමට යෝජනාවේ සඳහන් කර ඇතැයි චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment