දෙමළ ජාතික සන්ධානයෙන් පොහොට්ටුවට අනතුරු ඇඟවීමක්!


එක්සත් ජාතික පක්ෂය සමඟ රහස්  ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව යැයි ද ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය  ගත් පියවර හෑල්ලූවට ලක් කරමින්  එක්සත් ජාතික පෙරමුණ සමඟ රහස් ගිවිසුම් ඇති බවට දිගින් දිගටම චෝදනා කිරීමට පටන් ගෙන ඇතැයි සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කළේය.

මෙම තත්වය දිගටම ක‍්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු  මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් දෙමළ ජාතික සන්ධානය  සමඟ සාකච්ඡා කර දීමට එකඟත්වය පල කළ ඒවාද  ප‍්‍රසිද්ධියට පත් කරන බව කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment