නලින් ද සිල්වා පොහොට්ටුවේ අර්බුධය හෙළිකරයි : මහා 'පාවාදීම' කළ මොල්ලිගොඩ කව්ද ?


මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 113ක පාර්ලිමේන්තු බහුතරය ලබාගත නොහැකි වුයේ එක් දේශපාලයකුගේ හා ඔහුගේ අනුගාමිකයින්ගේ පාවාදීම නිසා බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබදව අධිකරණය ලබාදෙන ඕනෑම තීන්දුවකට ලෑස්ති වෙමු මැයින් මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් පසුගිය 03 දා විශේෂ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති අතර එමගින් ඇඟවෙන්නේ එම 'පාවාදීම' සිදුකර ඇත්තේ පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයකු හා ඔහුගේ අනුගාමිකයින් විසින් බවයි.

''ඔය 113 හොයාගන්න යම් යම් පුද්ගලයින්ට බාරදීලා තිබුනා. ඒ පුද්ගලයෝ මේක හරියට කෙරුවේ නැහැ. අපි කෙලින්ම කියමු මේ ඒ පුද්ගලයෝ මේ වැඩේ කෙරුවේ නැහැ ..

1818 වගේ 2018 ත් මොල්ලිගොඩ කෙනෙක් ඉන්නවා. ඒ මොල්ලිගොඩ මේක කෙරුවේ නැහැ.. එයාට කරන්න බැරිකමක් තිබුනෙත් නැහැ.. මහ ලොකු මොළකාරය කියනවා, අරක මේක ඩිල් දානවා ගේම් ගහනවා ආදී නොයෙකුත් විදියට කියනවනේ. එයා මේක කෙරුවේ නැහැ ..

එක කරන්න එයාට පුළුවන් කම තිබුනා. ඇයි එයා කෙරුවේ නැත්තේ ? එයා එක කෙරුවේ නැත්තේ, මහ මැතිවරණයකට ගිහිල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් නැති කරන්න තිබුන උවමනාවට. එයාගේ අරමුණ පොහොට්ටුව තහවුරු කිරීම....'' යයි පවසමින් මහචාර්යවරයා මහා 'පාවාදීම' එම වීඩියෝව හරහා පැහැදිලි කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment