රෝසි සේනානායකට දකුණු කොරියාවේ සෝල්හි පුරවැසිභාවය


 කොළඹ මහ නරග සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියට දකුණු කොරියාවේ සෝල් අගනුවර ගෞරවනීය නාගරික පුරවැසිභාවය හිමිව තිබේ.


කොරියා ටයිම්ස් වෙබ් අඩවිය මේ බව වාර්තා කර ඇත.

දීර්ඝ කාලයක පටන් දෙරට අතර තිබෙන සමීප මිත්‍ර සබඳතා පදනම් කර ගනිමින් මෙම පුරවැසිභායට ප‍්‍රදානය කර ඇතැයි සදහන් වේ. නගරාධිපතිනී රෝසි සේනානායක හට මෙම පුරවැසිභාවය ප‍්‍රදානය කළේ සෝල් නගරාධිපති පාක් වොන් සූන් මහතා විසිනි.

2016 වසරේදී දෙරට අතර එළඹි සහයෝගීතා ගිවිසුමක් අනුව නගර අතර ප‍්‍රතිපත්ති හුවමාරුව පුළුල් කර තිබේ. ඒ අනුව කොළඹ නගරයේ පළමු කාන්තා නගරාධිපතිනිය වීම හේතුවෙන් ඊට ගෞරවය පුද කිරීමක් ලෙස දකුණු කොරියාව ඇයට මෙම ගෞරව පුරවැසිභාවය පිරිනමා ඇති බව දැක්වේ.

1958 වසරේ සිට මෙලෙස සෝල් නගරයේ ගෞරවාන්විත පුරවැසිභාවය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment