කැබිනට් නොවන ඇමතිවරුන්ට ඇති බලය පැහැදිලි කෙරේ


නව ආණ්ඩුවේ කැබීනට් නොවන අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන් 3 දෙනෙකු සිටින අතර ඔවුන්
කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවුවද ඔවුන්ට ස්වාධීන අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීමට හැකි බව ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් පවසා තිබේ.
කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ විෂයන් වෙනත් කැබිනට් අමාත්‍යවරයකු යටතට නොගැනෙන අතර, ඔවුන්ට එම අමාත්‍යාංශයේ විෂයයන්
සමිබන්ධයෙන් සෘජුව කටයුතු කිරීමේ හැකියාව පවතින බවද වාර්තාවේ.
එසේ වුවද කැබිනටි නොවන අමාතංශයන්හි කටයුතු සම්බන්ධ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිර්මට කැබිනට් නොවන අමාත්‍යවරුන්ට බලයක් නොමැති අතර, එසේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හරහා සිදුකළ යුතුව ඇත.
කැබිනට් නොවන අමාත්‍යවරුන්ට විශේෂ වරප්‍රසාද හිමි නොවන අතර, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හිමි වරප්‍රසාදම කැබිනට් නොවන අමාත්‍යවරුන්ට් ලැබෙන බව වාර්තා විය.
නව ආණ්ඩුවේ කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනා වන්නේ පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනටි නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා , ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය  අජිත් පී. පෙරේරා සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment