ෆොන්සේකාගෙන් සිරිසේනට සැර උත්තරයක්!


තමන් 2010 වසරේදී ජනපතිවරණය ජයග්‍රහණය කළා නම් සිදුකරන දෑ පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී දීර්ඝ විස්තරයක් කළේය.

පසුගිය එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් හා ජනපති අතර පැවැති සාකච්ඡාවේදී නැවත වරක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව මතක් කර ඇති බවත් තමන්ව මතක් නොකර ජනනතිවරයාට කිසිවක් කර ගත නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

" මම ඡන්දය දිනුවානම් 2.50 වැඩ කරන්නේ නෑ. තුට්ටු දෙකේ වැඩ කරන්නේ නෑ. මම එක්සත් ජාතික පක්ෂයෙන් ජනපතිවුණානම් එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ කකුළෙන අදින්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ විරුද්ධ පක්ෂයේ නායකත්වය භාර ගන්නේ නෑ.

මම ජනපතිවුණානම් සුමාන දෙකකට වරක් පිටරට යන්නෙත් නෑ. මම ඇමති ලෙස කටයුතු කරන අවස්ථාවේදී කිසිම අවස්ථාවට රජයේ මුදිලින් විදේශ සංචාර සඳහා එක්වී නෑ. මම මාස 10ක් භාවිත කළේ මගේ පෞද්ගලික වාහනය.

මම ජනපති වුණානම් බිලියන 12ක් දාලා මගේ දිස්ත්‍රික්කය විතරක් සංවර්ධනය කරන්නේ නෑ. මම ජනපතිවුණානම් උදේට එකක් රෑට එකක් කියන්නේ නෑ. දවල් මිගෙල් රෑ දනියෙල් වැඩ කරන්නේ නෑ. මම ජනපතිවුණානම් මා ගැනම පොතක් ලියලා ඒක මගේ දුවගේ නමින් පළ කරන්නේ නෑ.

මම ජනපතිවුණානම් පණ බයේ කොහේ ගියත් කතා කරන්නේ නෑ. මම ජනපතිවුණානම් රංගේ කියලා මන්ත්‍රීවරුන් කොටා බාන්නේ නෑ." යැයි ඔහු ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment